හිටපු CID අධ්‍යක්ෂක “ශානි”ට කොරෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 24, 2020

හිටපු CID අධ්‍යක්ෂක “ශානි”ට කොරෝනා !

මේ වනවිට රිමාන්ඩ් බාරයට පත්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එම තත්වය යටතේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි වාර්තා වුවද පවුලේ කිසිවකුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත්ව කර නැතැයි ද පැවසේ.

ඔහු මේවන විට වැලිකඩ බන්ධනාගාරයේ සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේවුවද, ඔහුගේ රෝගී තත්ත්වය මත  ඔහුව වහාම IDH රෝහලට යොමුකරන ලෙස බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් නිර්දේශකර ඇතැයි ද පැවසේ. 

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීයකු ලෙස ශානි අබේසේකර මහතා හැඳින් වේ. 

ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් මතය. 

කෙසේවුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad