පාර්ලිමේන්තුවේ නොකියා, මුද්‍රාණාලයට යැවූ සෙස් බදු ලයිස්තුව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

පාර්ලිමේන්තුවේ නොකියා, මුද්‍රාණාලයට යැවූ සෙස් බදු ලයිස්තුව මෙන්න

ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අය වැය යෝජනාවලට අනුව ප්‍රකාශිත භාණ්ඩ හා සේවා බද්ද භාණ්ඩ 2,574ක් සඳහා පැනවීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඒ අනුව සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දු අදාළ වන අතර, ඊට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය භාර වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 17 වැනිදා රජයේ මුද්‍රණාලාධිපති වෙත දැනුම් දී ඇත.

ඒ අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.ඒ. විමලේන්තිර රාජා විසින් අංක TIP/TO/0186 දරණ 2020 නොවැම්බර් මස 17 වැනි දින එම දැනුම්දීම රජයේ මුද්‍රණාලාධිපති වෙත යවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad