ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට - තරුණියත් හමුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට - තරුණියත් හමුවෙයි

ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම පෙම්වතාගේ ඥාති සොහොයුරියගේ නිවසේ සැඟව සිටියදී ඔවුන් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මේ වන විට එම තරුණිය සිවු මස් ගැබිනියක බව ද පොලිසිය කියා සිටී.

තම දියණිය ජපානයේ සිට ශ්‍රී ලාංකික තරුණයකු විසින් පැහැරගෙන පැමිණි බව ම තරුණියගේ මව පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

තම දියණිය සතුව ලක්ෂ 10ක පමණ මුදලක් සමග තිබු බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් ද මේ බව ශ්‍රී ලංකා බලධාරීන් වෙත දන්වා තිබිණි.

එම තරුණයා කොච්චිකඩේ පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කරද්දී ජපන් තරුණිය ඔහු අසලම සිට ඇති අතර ඉවත්වීමට අකැමැත්ත ද පළකර තිබේ.

එහිදී පොලිසිය සඳහන් කර ඇත්තේ මෙම කටයුත්ත සිදු වෙන්නේ ඇයගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad