පදියතලාව ප්‍රා. සභාවේ අයවැයත් පරාදයි - පොහොට්ටු මන්ත්‍රීවරුත් අයවැයට විරුද්ධ වෙලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

පදියතලාව ප්‍රා. සභාවේ අයවැයත් පරාදයි - පොහොට්ටු මන්ත්‍රීවරුත් අයවැයට විරුද්ධ වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි, අම්පාර පදියතලාව ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා වූ අයවැය වාර්තාව පරාජයට පත්ව තිබෙනවා. 
සභිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත එම සභාවේ අයවැයට පක්ෂව ඡන්ද තුනක් ලැබුණු අතර අයවැයට එරෙහිව ඡන්ද 11 ක් ලැබී තිබෙනවා. සභාපතිවරයා සමග අයවැයට පක්ෂ වී ඇත්තේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

පොදු‍ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්, එජාපයේ සහ ජවිපෙ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබෙනවා.

මීට‍ පෙර පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන කිහිපයකද අයවැය පරාජයට පත්වූ බව වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad