අද මෙරට කොරෝනා පාලනය වෙලා.. ඒ ගැන සතුටුයි..- ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

අද මෙරට කොරෝනා පාලනය වෙලා.. ඒ ගැන සතුටුයි..- ෆොන්සේකා

අද ඕනෑ විට මෙරට කොරෝනා වෛරසයේ යම් පාලනයක් තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
ඒ නිසා ඒ ගැන සතුටට පත්විය හැකි බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමිනි.

කොරෝනා වෛරසය පැතිරෙන විට කාලකන්නි සතුටක් නොලබන බවත් එයින් ජනතාව අසරණ වන බවත් පැවසූ ඔහු මෙම ප්‍රශ්නය ඉක්මනට විසඳා ගත යුතු බවද සඳහන් කළේය.

අද වන විට ශ්‍රී ලංකාව කොරෝනා එන්නතකට සූදානම් වී සිටිය යුතු බවත් වෙනත් රටවල් ඒ සදහා සූදානමින් සිටින බවත් පැවසූ ඔහු අයවැයෙන් කොරෝනා වලට වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නැතැයි ද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad