ඇන්ටිජන් කට්ටල විතරක් වැඩක් නෑ. ඇන්ටිබොඩි සහ ස්ථානීය PCR කට්ටලත් ඕනෑ. කවුද මේ තීන්දු ගන්නෙ ? - කුමුදේශ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

ඇන්ටිජන් කට්ටල විතරක් වැඩක් නෑ. ඇන්ටිබොඩි සහ ස්ථානීය PCR කට්ටලත් ඕනෑ. කවුද මේ තීන්දු ගන්නෙ ? - කුමුදේශ්

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ප්‍රතිපාදන වෙන්කිරීම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ පාර්ශ්ව ගැටුම් ඇති කරගන්නා තත්වයක් මතුව ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේවායේ තීන්දු තීරණ ගන්නා ආකාරය පිළිබඳ රටට හෙළිදරව් කළයුතු බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 

මෙවැනි සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස තමන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීම් කර ඇතත් ඒ කිසිවක් පිළිබඳ මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. 

No comments:

Post a Comment

Post Bottom Ad