වටවල ගාමන්ට් එකක ආසාදිතයන් 11ක්.. වසා දමා 80ක් නිරෝධායනයට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 24, 2020

වටවල ගාමන්ට් එකක ආසාදිතයන් 11ක්.. වසා දමා 80ක් නිරෝධායනයට..

වටවල ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමු විමත් සමග එම ඇගලුම් කම්හල දින හතරකට වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

පසු ගිනක එම ඇගලුම් කම්හලින් එක් කොවිඩ් ආසාදිතයකු හමු විමෙන් පසු ඔහුගේ ලගම ආශ්‍රියන් හැට දෙනකු ස්වයං නිරෝධානයට ලක්කර පි. සි. ආර්. පරික්ෂාවන් සිදුකල බවත් එහි වාර්ථා මත දස දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගත් බවත් ඔවුන්ගෙන් පස් දෙනකු වටවල මවුන්ට් ජින් ප්‍රදේශයේද රොසැල්ල, නාවලපිටිය, අඹතලාව, බලංතොට, හා මහනුවර යන ප්‍රදේශවල එක් අය බැගින් පදිංචි කරුවන් බවද ඔහු පවසන ලදි.

එසේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් ප්‍රථිකාර මධ්‍යස්ථාන දක්වා රැගෙන යාමට පියවර ගන්නා බවත් මේ වන විට ඔවුන්ගේ ලගම ආශ්‍රිතයන් අසු දෙනකු (80) ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද පවසන ලදි.

එම පිරිසට අමතරව එම ඇගලුම් කම්හලේ තුන් සිය දෙනකු පමන ඉදිරි දින දෙක තුනදි රැපිට් ඇන්ටිජන් පරික්ෂන පැවැත්විමට පියවර ගන්නා බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා හැටන්

No comments:

Post a Comment

Post Bottom Ad