පාස්කු වින්දිතයන්ට ලැබුණු කෝටි 92ක් පිල්ලි ගහලා..! ජනාධිපති ලේකම් පී.බී නිහඬයි – ආණ්ඩුවේ මන්ත්‍රීගෙන්ම අදෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 24, 2020

පාස්කු වින්දිතයන්ට ලැබුණු කෝටි 92ක් පිල්ලි ගහලා..! ජනාධිපති ලේකම් පී.බී නිහඬයි – ආණ්ඩුවේ මන්ත්‍රීගෙන්ම අදෝනා !

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීම සඳහා ලෝක මුස්ලිම් ලීගය විසින් ලබා දුන් ඩොලර් මිලියන පහට (රුපියල් කෝටි අනූදෙකට) සිදුවූයේ කුමක්ද යන්න විමසා මීට මාසයකට පමණ පෙර ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නැතැයි පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

පසුගිය නොවැම්බර් 27 වැනිදා ජනාධිපති, අගමැති සහ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියන්ට පිටපත් සහිතව ජනාධිපති ලේකම්වරයාට යැවූ මෙම ලිපියට පිළිතුරක් ලැබෙනතුරු තමන් බලා සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කළා.

ලෝක මුස්ලිම් සංවිධානයේ සමුළුවක් 2019 ජූලි මස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ අතර ඊට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වර්තමාන අගමැති, මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහභාගීවූ බව සිහිපත් කරන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතට ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඉසා විසින් ඩොලර් මිලියන පහක මුදලක් ප්‍රදානය කළ බව මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වූ බව ඔහු පෙන්වා දෙනවා.

එහෙත් එම මුදල් කිසිවක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබසාධනයට ලැබී නැති බව ඔවුන් තමාට දැනුම් දුන් බව පවසන රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම මුදලට සිදුවූයේ කුමක්ද යන්න දන්වා එවන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමට මේ දක්වා ප්‍රතිචාර නොලැබුණු බවද සදහන් කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad