ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කල පාසල් සිසුවා ගෙල සිර වි ජිවිතක්ෂයට… - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කල පාසල් සිසුවා ගෙල සිර වි ජිවිතක්ෂයට…

ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිර වි (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල කොටස් පදිංචි අවු 8 වයසැති විග්නේෂ්වරන් දිලුක්ෂන් නැමති පාසල් සිසුවෙකි.

මිය ගිය සිසුවා පවුලේ තෙවනියා වු බවත් ,එම සිසුවා නොර්වුඩ් ඩන්කන් දමිල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

තම නිවස ආසන්නයේ පිහිටි එම වතු යායේ කොවිලේ ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කිරිමට (11) දින උදැසන 9 ට පමණ ගිය සිසුවා ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරන අවස්තාවේ ඝාණ්ඨාර ලණුව ගෙල ප්‍රදේශයේ සිර වි පාසල් සිසුවා ගණුවේ එල්ලි සිටියදි එම වතුයායේ වතු අධිකාරිවරයා විසින් දැක එ පිලිබදව වතු කම්කරුවන් වෙත දැනුම් දි ලණුවේ ගෙල සිර වි සිටි සිසුවා ඉන් මුදාගෙන රෝහල් ගත කරන විටත් සිසුවා මියගෙස් සිටිය බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය පාසල් සිසුවාගේ සිරුර මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad