කොරෝනා ඖෂධය දීම මට තහනම් කරලා.. දුන්නොත් මා අත්අඩංගුවගට ගනීවි..- ධම්මික බණ්ඩාර කියයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

කොරෝනා ඖෂධය දීම මට තහනම් කරලා.. දුන්නොත් මා අත්අඩංගුවගට ගනීවි..- ධම්මික බණ්ඩාර කියයි…

කොරෝනා මර්ධන ඖෂධයක් සොයාගත් කෑගල්ලේ ඡුම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිටට අද දිනයේදී ඖෂධ ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.නමුත් ඔවුන් හමුවීමට පැමිණි ධම්මික බණ්ඩාර මහතා කියා සිටියේ එළැඹෙන 18 වැනිදා දක්වා තමනට ඖෂධ ලබා දීම තහනම් කර ඇති බවයි.

එය නොතකා තමන් ඖෂධ ලබා දුනහොත් පොලිසියට තමන් අත්අඩංගුවට ගත හැකි බව ඔහු පැවසුවේ අසල සිටි පොලිස් නිලධාරීන් පෙන්වමිනි.

ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් ඉදිරියේ දී ඖෂධ ලබා දීමට වැඩපිළිවෙළක් සකසමින් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

නිරෝධායන නීති කඩමින් විශාල වශයෙන් එක් රැස් වීම නවත්වන්නැයිද ඔහු එම පිරිසගෙන් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad