අලුත්කඩේ ගින්නට හේතුව සිගරට් කොටයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 20, 2020

අලුත්කඩේ ගින්නට හේතුව සිගරට් කොටයක් !

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සිගරට් කොටයක් නිසා පැතිර ගිය බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ගින්න හටගත් ගොඩනැගිල්ලේ නීතිඥවරුන් සිටින ඉහළ මහලකින් හෝ සේවකයකු දැමූ සිගරට් කොටයකින් ගින්න පැතිරුණද යන්න සොයා බැලීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේද විමර්ශන අරඹා ඇතැයි පැවසේ.

පසුගිය 15 වැනිදා සවස ඇති වූ මෙම ගින්න අහඹු ලෙස ඇති වූ ගින්නක් මිස කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගිනි විශේෂඥවරයාගේ නිරීක්ෂණවලදී ද තහවුරු කර ගෙන ඇති අතර ගිනි නිවන හමුදාව ගින්න පාලනය කළ පසුව ගින්න හටගත් තැන කුණු අතරේ තිබී සිගරට් කොට හතරක් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

අධිකරණ සංකීර්ණයේ සේවකයින් මෙම ස්ථානය සිගරැට් බොන තැනක් ලෙස භාවිත කර ඇති බවත් ඉහළ මහල්වල සිටින නිලධාරීන් සිගරට් බී කොට විසි කරන තැනක් ලෙසද මෙම ස්ථානය භාවිත කර ඇති බවත් හෙළි වී ඇත.

මේ අනුව ගින්න ඇතිවූයේ ඉහළ මහලකින් පැමිණි සිගරැට් කොටයක්ද නැති නම් සේවකයකු දමා ගිය සිගරැට් කොටයකින්ද යන්න තහවුරු කිරීම සඳහා තිස් දෙනකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇ.ි බව වැඩිදුරටත් වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad