බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය කොරෝනා ආසාදිත මෘත දේහ අදාහනය නොකරන්නැයි උසාවි යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 4, 2020

බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය කොරෝනා ආසාදිත මෘත දේහ අදාහනය නොකරන්නැයි උසාවි යයි

හර බන්ධනාගාර ගැටුමේදී මිය ගිය රැදවියන්නේ සිරුරු ආදාහනය නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාල ගැටුවෙන් මියගිය රැදවියන් 08 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇති අතර කොරෝනා මර්ධන නීතිය අනුව එම සිරුර ආදාහනය කළ යුතුය.

නමුත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ එම මරණ සියල්ල ස්වාභාවික හේතු මත සිදු නොවූ සැක සහිත ඒවා බැවින් ඒවා ආදාහනය නොකළ යුතු බවයි.

යම් හෙයකින් එම එම මරණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා දේහයන් අවශ්‍ය වුවත් විය හැකි නිසා ආදාහනය කිරීම එයට බාධා විය හැකි යැයි ද මෝසමේ සඳහන්ය.

එමෙන්ම ඒවා ආදාහනය කිරීම මගින් මිනීමැරුම් වල සාක්ෂි යටපත් වී වගකිව යුත්තන්ට නීතියෙන් ගැලවීමට අවස්ථාව සැලසෙන බවද මෝසමින් සඳහන් කර තිබේ.

අදාල නඩුව වැඩිදුර විභාගය 11 වනදාට කල් දමා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad