ඇමති විමලවීරගේ ලේලිය නිවසේදී මිය යයි - දේහයට කොරෝනා පරීක්‍ෂණයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

ඇමති විමලවීරගේ ලේලිය නිවසේදී මිය යයි - දේහයට කොරෝනා පරීක්‍ෂණයක් !

නජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ වැඩිමහල් පුතුගේ බිරිඳ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වී තිබේ.

එදින අලුයම් කාලයේ දී ඇය සිහිසුන් තත්ත්වයෙන් සිටියදී ගිලන් රථයක් මගින් අම්පාර මහ රෝහලට රැගෙන ගොස් තිබේ.

වෛද්‍යවරු සඳහන් කරන්නේ ඇය ඒ වන විටත් මිය ගොස් සිටි බවයි.

පසුව ඇයගේ දේහය ට PCR පරීක්ෂණයක් පවත්වා ඇති අතර ඇය කොරෝනා ආසාදිත නැතැයි හඳුනාගෙන තිබේ.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද අම්පාර බොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

මිය ගිය අය අම්පාර මහජන බැංකුවේ සේවය කරන්නියකි.


No comments:

Post a Comment

Post Bottom Ad