ලංකා බැංකු හා මහජන බැංකු ණයවර ලිපි ජාත්‍යන්තරයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ලංකාව මූලික බංකොලොත් රටක් ලෙස ශ්‍රේණිගත කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 29, 2020

ලංකා බැංකු හා මහජන බැංකු ණයවර ලිපි ජාත්‍යන්තරයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ලංකාව මූලික බංකොලොත් රටක් ලෙස ශ්‍රේණිගත කරලා

ද වන විට මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ජාත්‍යන්තර ණයවර ලිපි ප්‍රතික්ෂේප වෙමින් ඇති බව සමගි ජන බලවේගය පක්‍ෂය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් ශ්‍රී ලංකාව පහළට ඇද දැමීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

අද වන විට රට මහා බාර බරපතළ ආර්ථික ව්‍යසනයකට ගමන් කරමින් සිටිනා බවත් ආණ්ඩුව එය සමනය කර ගැනීමට උත්සාහයක් නොගන්නා බවත් ඔහු චෝදනා කළේය.

ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් ශ්‍රී ලංකාව දැනට ශ්‍රේණිගත කර ඇත්තේ ණය ගෙවා ගත නොහැකි මූලික බංකොලොත් තත්වයක රටක් ලෙසයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad