ආරක්ෂක අතින් ඉහළම තැන්වල ඉඩම් චීනය සල්ලිවලටම අරන්: වහා පරීක්ෂණ ඇරඹේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 29, 2020

ආරක්ෂක අතින් ඉහළම තැන්වල ඉඩම් චීනය සල්ලිවලටම අරන්: වහා පරීක්ෂණ ඇරඹේ !

ම රටේ ආරක්ෂක වශයෙන් සංවේදී ස්ථාන ආශ්‍රිතව චීන සමාගම් විසින් සිදුකරන ඉඩම් මිලදී ගැනීම් පිළිබදව ජපාන රජයේ අවධානය යොමුව ඇති අතර වහාම ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට පියවර ගෙන ඇත.

ජපාන මාධ්‍ය උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරැණු තහවුරැ කර ගැනීම සදහා , ආරක්ෂක වශයෙන් සංවේදී ස්ථානවල සිදුකර ඇති ඉඩම් මිලදී ගැනීම් සියල්ල පිලිබදව විශේෂ පරීක්ෂණයක් දියත් කිරීමට ජපානය තීරණය කර ඇති බවයි.

මෙම තත්වය පාලනය කිරීම සදහා නව නීති හදුන්වාදීමට ද ජපානය සැලසුම් කරමින් සිටින බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ පිලිබදව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු හුවමාරැ කර ගැනීම සදහා රටවල් පහකින් සමන්විත ආරක්ෂක සහ බුද්ධි තොරතුරු හුවමාරැ කර ගැනීමේ සංධානය සමග එක්ව කටයුතු කිරීමටද ජපානය තීරණය කර තිබේ.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව ,ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අදාළ රටවල් පහේ සංධානයට අයත් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad