කොරෝනා අසාදන වීමෙන් මිය යන අයගේ මෘත දේහයන් ආදානය කිරීමට රජය තීරණය කර ඇත්තේ මුස්ලිම් ජනතාවගෙන් පළිගැනීමට බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා සඳහන් කරයි. ඒ පිලිබදච පත්කර ඇති තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිත ඒවා යැයි ද ඒ මහතා කියා සිටියේය.
අදාහනය කළ හොත් වෛරසය ජලයට මිශ්‍ර වී ජලය මගින් ව්‍යාප්ත වන බවද ඔවුන් පැවසුවද එය ඔප්පු කර පෙන්වන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එක අවස්ථාවකදී කමිටුව මෘත දේහයන් භූමදානය කරන්නට එකග වුවත් ඊට පසුදා ම එය යළි වෙනස් කළ බවත් ඔහු පැවසීය.
භූමදානය කිරීම සඳහා ජනාවාස නැති සුදුසු ප්‍රදේශ සොයා දීමට සූදානම් බවත් මෙය සාධාරණ ඉල්ලීමක් සේ සලකා කටයුතු කරන්නැයි ඉල්ලන බවත් රජය සෑම ආගමකට ගරු කළ යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:
Post a Comment