කොරෝනා මර්දනය දැන් බලවත් අභියෝගයක් වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සඳහන් කරයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ අද වන විට මෙරට දිස්ත්‍රික්ක 25න් 20කින්ම රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.
රට පුරා රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇත්තේ ඇඳන් 700කට ආසන්න ප්‍රමාණයක් බවත් කොරෝනා රෝගීන් සඳහා ඇත්තේ සාමාන්‍ය ඇඳන් 10000 අඩු ප්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දෙයි.
පවතින තත්වය තුළ දිනපතා අසාමාන්‍ය අගයකින් රෝගීන් වාර්තා වුවහොත් අවශ්‍ය ඉඩ පහසුකම් මදි වීමෙන් දැඩි අසීරුතාවයකට පත් වීමට ඉඩ ඇතැයිද ඔහු කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.


No comments:
Post a Comment