නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාට අපි දැඩි විරුද්දයි - මැදගොඩ අබේතිස්ස හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාට අපි දැඩි විරුද්දයි - මැදගොඩ අබේතිස්ස හිමි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට දීමට විරුද්ධ ව තමන් වහන්සේ ඇතුළු සංවිධාන දැඩිව විරුද්ධ මතයක සිටින බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ සඳහන් කරති. මෙම වරාය ජාතික සම්පතක් බවත් ඉදිරි පරම්පරාවට තිබිය යුතු බවත් තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් කිහිපනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දැඩිව අවධාරණය කළ බව ද උන්වහන්සේ පැවසූහ.

ඔ්නෑම ආණ්ඩුවක් ජාතික සම්පත් විකිණීමට කටයුතු කරන්නේ නම් ඊට දැඩි විරෝදය පල කරන බවද උන් වහන්සේ කියා සිටිති.

සිය විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් එහිමියේ මෙම අදහස් පල කරන ලදී.v


No comments:

Post a Comment

Post Bottom Ad