Room ගිහින් නිරුවත් ඡායාරූපයක් නිසා චාජරයේ වයරයෙන් තරුණයා මරලා - සැකකාර දෙදරු මව පොලිසියට භාරවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

Room ගිහින් නිරුවත් ඡායාරූපයක් නිසා චාජරයේ වයරයෙන් තරුණයා මරලා - සැකකාර දෙදරු මව පොලිසියට භාරවෙයි

විවාහක කාන්තාව සමග වසර පහක කාලයක සිට අනියම් සම්බන්ධයක්

හෝමාගම, මාකුඹුර ප‍්‍රදේශයේ තාවකාලික නැවතුම්පළක් තුළදී විවාහක කාන්තාවක් සහ අවිවාහක තරුණයකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් 41 හැවිරිදි විවාහක කාන්තාව විසින් 26 හැවිරිදි තරුණයාගේ ගෙල ජංගම දුරකථන චාජර වයරයකින් සිරකර ඊයේ (24 ) ඝාතනය කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක ලෙස කටයුතු කර ඇති කාන්තාව කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සැකකාරිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙයියන්දර, පරණමුල්ල පදිංචිව සිටි තරුණයෙකි.

මෙම ඝාතනයට ලක්වූ තරුණයා, විවාහක සැකකාර කාන්තාව සමග වසර පහක කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරිය මාකුඹුර ප‍්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ කාමරයක නවාතැන්ගෙන සිට තිබෙනවා.

මේ අතරේ තරුණයා එම විවාහක කාන්තාවගේ නිරුවත් ඡුායාරූප කීපයක් ලබා ගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින් බස්වීම් සිදුව තිබුණා.

සිද්ධිය වී ඇති පෙරේදා දිනයේද මෙම තරුණයා සැකකාර කාන්තාවගේ නිරුවත් ඡුායාරූප කීපයක් මිතුරකුට ජංගම දුරකථනයෙන් යැවීමට උත්සාහ කිරීමේදී සැකකාරිය ජංගම දුරකථනයේ චාජර් වයරයක් තරුණයාගේ ගෙළට ඔතා අතින් පැය භාගයක් තිස්සේ සිර කරගෙන සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය සඳහන් කළා.

පසුව සැකකාරිය පොලිසියට පැමිණ අදාළ අපරාධය තමා සිදුකළ බව පැවසීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad