වැලිකඩ බන්ධනාගාර ඉඩම වාණිජ වටිනාකම ඉහලයි.. බන්ධනාගාරය හොරණ ඉදිකර භූමිය වාණිජ කටයුත්තකට ගන්නවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 24, 2020

වැලිකඩ බන්ධනාගාර ඉඩම වාණිජ වටිනාකම ඉහලයි.. බන්ධනාගාරය හොරණ ඉදිකර භූමිය වාණිජ කටයුත්තකට ගන්නවා..

වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බව බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහන් රත්වත්තේ මහතා සඳහන් කරයි. හොරණ ප්‍රදේශයේ පිහිටි අක්කර 250ක භූමියකට එම බන්ධනාගාරය ගෙන යාමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටියේය.

අක්කර 48ක් පුරා පිහිටා ඇති වැලිකඩ බන්ධනාගාරය ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති භූමියක් නිසා එය වෙනත් කටයුත්තකට භාවිතා කරන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad