මුස්ලිම් මෘත දේහයන් ‍භූමදානයට ඉඩ දිය යුතුයි.. මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා - ඩිලාන් පෙරේරා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

මුස්ලිම් මෘත දේහයන් ‍භූමදානයට ඉඩ දිය යුතුයි.. මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා - ඩිලාන් පෙරේරා

මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් ‍සෞඛ්‍ය නිර්දේශවලට අනුව භූමදානය කිරීමට ඉඩ ලබා දෙන්නැයි තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශය විවාදය සඳහා පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මුස්ලිම් ජනතාවගේ වේදනාව තමනට දැනෙන බවත් එනිසා සෞඛ්‍ය උපදෙස් මත මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්නැයි තමන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

මුස්ලිම් ජනතාව විශ්වාස කරන ලෙස ඒ කටයුතු සිදු විය යුතු බවත් ඔහු පැවසීය.

පසුගිය යහපාලන සමයේ උතුරේ භික්ෂූන් වහන්සේ නමක් ආදාහනය කරන්න බැරි වූ අවස්තාවේ තමනට දැනුන වේදනාව අද මුස්ලිම් අම්මාවරුන්ට තාත්තාවරුන්ටත් දැනෙන බව තමන් දන්නා බවද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad