කොරෝනා සමාජයේ පැතිරී හමාරයි.. සෑම ආසාදිතයෙක්ම මිනුවන්ගොඩ පොකුරේ කීවාට සත්‍ය එය නොවේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

කොරෝනා සමාජයේ පැතිරී හමාරයි.. සෑම ආසාදිතයෙක්ම මිනුවන්ගොඩ පොකුරේ කීවාට සත්‍ය එය නොවේ..

අද වන විට නිවෙස් වල රැඳී සිටින පුද්ගලයන් කොරෝනා ආසාදනයෙන් මිය යාමත් සමාජයෙන් ආසාදිතයන් වාර්තා වන තත්ත්වයක් අනුව කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ හමාර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවුවේ යයි රාවය පුවත්පත මේ බව සඳහන් කර තිබේ.

දැනට වාර්තා වන සියළුම රෝගීන් මිනුවන්ගොඩ සම්බන්ධ යයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළ ද එය එසේ වන්නේ නැතැයි පැහැදිලි බවත් ඔහු පවසා ඇත.

මේ තත්වය මත අද වන විට සමාජය තුළ විශාල අවදානමක් නිර්මාණය වී ඇතැයිද ඒ මහතා සඳහන් කර තිබේ.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මෙතෙක් බස්නාහිර පලාත ආශ්‍රිතව තිබූ කොරෝනා අවදානම රටපුරා ව්‍යාප්ත වීමේ තත්ත්වයක් මතුවී ඇති බවයි. ‍

එමෙන්ම ලෝක කොරෝනා ව්‍යාප්තියේ ශ‍්‍රී ලංකාව 95 වන තැන දක්වා ඉහල නැග ඇතැයි ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad