භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි.. - ගලගොඩඅත්තේ ඥානසාර හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 23, 2020

භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි.. - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම ඉස්ලාම් සංස්කෘතිය බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

මෙය ආගමික ප්‍රශ්නයක් බවත් ඉතා සංවේදී ප්‍රශ්නයක් බවත් පැවසූ උන්වහන්සේ මේ ගැන විශ්ලේෂණයක් හැදෑරීමක් නැතිව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී හිඳීමෙන් ආණ්ඩුව නරක තැනකට පත් වන බව ද පැවසූහ.


තමන් වහන්සේ පෙනී සිටින්නේ නිවැරදි දේ වෙනුවෙන් මිස ජනප්‍රිය මතය වෙනුවෙන් නොවන බවද උන්වහන්සේ පවසති.


බොදු බල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පළ කරන ලදී

No comments:

Post a Comment

Post Bottom Ad