කොරෝනා නිසා දෙසතියකට වසා දැමූ පුද්ගලික රෝහලක් නිරෝදායන පුවරු ගලවා විසිකර බලහත්කාරයෙන් විවෘත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

කොරෝනා නිසා දෙසතියකට වසා දැමූ පුද්ගලික රෝහලක් නිරෝදායන පුවරු ගලවා විසිකර බලහත්කාරයෙන් විවෘත කරයි

කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ පෙරේදා දිනයේ සිට දින දාහතරකට වසා දමන ලද කෑගල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් කිසිදු අවසරයකින් තොරව නැවත විවෘත කර තිබියදී ඊයේ දිනයේ එය වසා දමන ලෙස නියෝග කර තිබේ. කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා සඳහන් කරන්නේ පෙරේදා දිනයේ මෙසේ වසාදැමූ රෝහල ඊයේ නැවත විවෘත කර තිබූ බවයි.

අදාල රෝහල දින දාහතරකට නිරෝධායනය සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමූ බව රෝහල ඉදිරිපිට දැන්වීම් තුනක් ද ප්‍රදර්ශනය කර තිබුණි.

නමුත් එසේ වසා දමන ලද රෝහල ඊයේ නැවත විවෘත කර තිබුණේ එම දැන්වීම්ද කිසිදු අවසරයකින් තොරව ගලවා විසි කර දමමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad