කොරෝනා දේශීය ඖෂධ යුරෝපා එන්නත් තරම් භයානක නෑ.. ආසාත්මිකතා නෑ - ඇමති සිසිර ජයකොඩි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 21, 2020

කොරෝනා දේශීය ඖෂධ යුරෝපා එන්නත් තරම් භයානක නෑ.. ආසාත්මිකතා නෑ - ඇමති සිසිර ජයකොඩි

දේශිය වෛද්‍ය ක්‍රම ගැන බටහිර වෛද්‍ය මූලධර්ම යටතේ පරීක්ෂණ කිරීමේ යම් ගැටලුවක් ඇතත් එම කාර්යය ඉතා සාර්ථකව සිදු කරමින් ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශ සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි. කොරෝනා වෛරස සදහා දේශීය ඖෂධ, පාන, ආහාර අතිරේක වර්ග රාශියක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඒ සියල්ල අතරින් වඩාත්ම සුදුසු දේ තෝරා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

කෙසේ නමුත් හෙළ වෙදකමේ ඇති ඖෂධ යුරෝපයේ එන්නත් මෙන් භයානක නැතැයි ද ඔහු කියා සිටියේය.

වසර සිය ගණනක් පැවති දේශීය ඖෂධවල යුරෝපා එන්නත්වල තරම් ආසාත්මිකතා නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.

තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad