ගැසට් ගැහුවට බඩු මිල පාලනය කරන්න බෑ - ඇමති බන්දුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

ගැසට් ගැහුවට බඩු මිල පාලනය කරන්න බෑ - ඇමති බන්දුල

ත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පමණක් පලක් නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ය.

එහිදී ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමෙන් ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවයි.

තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම එහිදී සඳහන් කර තිබෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යාමෙන් ජීවන වියදම වැඩි වී ඇති බවයි.

මේ තත්ත්වය මත ජීවන වියදම් කමිටුව සෑම මසකම පළමු සදුදා දිනයේ රැස් වීමට තීරණය කර තිබේ.

එම කමිටුව මෙතෙක් රැස්වූයේ සෑම මසකම දෙවැනි සතියේදීය.


No comments:

Post a Comment

Post Bottom Ad