මෙරට කොරෝනා දෙවැනි රැල්ල පාලනයෙන් ගිලිහෙමින්.. තුන්වැනි රැල්ල අතලග.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

මෙරට කොරෝනා දෙවැනි රැල්ල පාලනයෙන් ගිලිහෙමින්.. තුන්වැනි රැල්ල අතලග..

ඉදිරි සතිය තුළ සෞඛ්‍ය අංශ මෙන්ම ජනතාවද වගකීම් විරහිතව කටයුතු කළහොත් කොරෝනා තුන්වෙනි රැල්ලක් පැමිණීමේ අවදානමක් නිර්මාණය වීම කිසිසේත්ම නතර කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ කොරෝනා අවදානම ජනතාවට සන්නිවේදනය කිරීම නිසි ආකාරයෙන් සිදු කළ යුතු බවයි.

චීනය විසින් කොරෝනා පාලනය කිරීමට යොදාගත් උපක්‍රම අනුගමනය කල යුතු බවත් එවැනි උපක්‍රම ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තරම් අනුගමනය නොකරන බවත් ඔහු කියා සිටියි.

මේ වන විටත් දෙවෙනි රැල්ල පාලනයෙන් ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී රටේ තැනින් තැන කොරොනා පොකුණු මතුවෙමින් පවතින බවද හෙතෙම පෙන්වා දෙයි.

වෛරසය පාලනය කිරීමට අනුගමනය කළ යුතු ප්‍රධාන උපක්‍රම සියල්ල මේ වනවිට ප්‍රශස්ත මට්ටමකට නැති බවත් ඔහු පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad