මං එදා වනජීවී නිලධාරීන්ට ඕයි තමුසේ කියලා නොබැන්නා නම් මේ රටේ එකෙක්වත් මං ඇමති කියලා පිළිගන්නවද ? - විමලවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

මං එදා වනජීවී නිලධාරීන්ට ඕයි තමුසේ කියලා නොබැන්නා නම් මේ රටේ එකෙක්වත් මං ඇමති කියලා පිළිගන්නවද ? - විමලවීර

මන් එදා පොලොන්නරුව ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ට "ඕයි තමුසේ පැහියා වෙන්න එපා" යනාදී වශයෙන් බැන නොවැදුණේ නම් මේ රටේ කිසිවෙකුත් ඉන් ඉදිරියට තමන්ව ඇමතිවරයකු වශයෙන් ගණන් නොගනු ඇති බවත් තමන් එදා එසේ නිලධාරීන්ට බැන වැදුණේ ඇමතිවරයකු වශයෙන් වන තත්වය ආරක්ෂා කරගැනීම සඳහා බවත් වනජීවී රැකවරණ, අලි වැට සහ අගල් ඉදිකිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. 

"සමහරු උත්සාහ කළේ මේ වනාන්තර පරිසරය ගැන කතා කරන ගමන් ආණ්ඩුව පරිසර නාශක ව්‍යාපෘතියක ඉන්නවා කියන්න. කටේ හොරි දාන්න ඕනෙ, හරි කැතයි. 

අපේ මහජන පරමාධිපත්‍ය දුන්නා ඒ අහිංසක මිනිස්සුන්ට ඒ වනජීවී නිලධාරීන් දෙන්නා - මං ඉස්සරහ කියන්නෙ - මුං තුවක්කු අරන් යනවාලු. මං කිව්වා මහත්තයෝ තුවක්කු අරන් යනවා නම් අල්ලලා නඩු දාන්න, ඔච්චර තමයි මං කිව්වෙ .... 

ඊට පස්සෙ එක්කෙනෙක් කැමරාවෙ රංගනය. හාපෝ හෙණ ගහන අපරාද මේවා කිව්වා. මං කිව්වා ඕයි තමුසෙ පැහියා වෙන්න එපා කියලා. මං කියන්නෙ මං කියපු දේ. මං එහෙම කිව්වෙ නැත්තං වත්තක කණකපුල්ලේ කෙනෙක්වත් කරන්න සුදුසු නෑ ඇමතිකම තියා. මං එහෙම නොකියා හරි මහත්තයා යන්නම් කිව්වා නම් එතනින් එහාට මේ රටේ එකෙක්වත් මං ඇමති කියලා පිළිගන්නවද ? පිළිගන්නවද ??" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad