සජිත්ගෙන් ආණ්ඩුවට එරෙහිව පළමු වතාවට ගිනි විරෝධයක් - (photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

සජිත්ගෙන් ආණ්ඩුවට එරෙහිව පළමු වතාවට ගිනි විරෝධයක් - (photos)

ණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද “නිහඩ විරෝධතාවය” ඊයේ (07) ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිට දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. සමගි ජනබලවේගය නියෝජනය කරන මහජන නියෝජනය ඊට එක්ව සිටියහ.

ආණ්ඩුව, මර්ධනය සහ රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කරමින් සිටින බවත් එහි ප්‍රතිඵලයක් ලෙඩ මහර බන්ධනාගාරයේ රැදවියන් කිහිප දෙනෙක්ම ඝාතනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

අද වනවිටත් ඒ මියගිය අය පිළිබඳව ආණ්ඩුව හෙළිදරව් කර නැති බව කී ඒ මහතා, මේ කිසිවක් නොදන්නා ඔවුන්ගේ ඥාතීන් බරපතල වේදනාවක් අත් විදින බවත් කීය.

මානව හිහිමිකම් මෙන්ම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බව කී ඒ මහතා මේ මර්ධනයට එරෙහිව විපක්ෂය ලෙසත් සමගි ජනබලවේගය ලෙසත් සටන් කරන බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad