"භූමිදානයට ඉඩ දෙන්න නැත්නම් මේ රැල්ල රජයේ සොහොන් පිටියක් වෙයි" - හකීම් සටනට එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 23, 2020

"භූමිදානයට ඉඩ දෙන්න නැත්නම් මේ රැල්ල රජයේ සොහොන් පිටියක් වෙයි" - හකීම් සටනට එයි

කොවිඩ් 19 හේතුවෙන් මරණයට පත් වන පුද්ගලයින් භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම වුවමනාවෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි. ඒ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට මේවන විට පැවැත්වෙන විරෝධාවයකට එක්වෙමිනි.

රජය පත් කළ විශේෂඥ කමිටුව තුල ඉන්නේ කවුද යන්න රජය ප්‍රකාශ නොකරන බවත් "මුස්ලිම් මිනිස්සු මෘත දේහ අරන් ගිහින් ජීවානු බෝම්බ හදයි කියලා" එම කමිටුවේ ප්‍රධානියා බීබීසි පුවත් සේවයට ප්‍රකාශයක් සිදු කර තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එලෙස විකාර කතා කියන අය එම කමිටුවට පත් කර ඇති බවත් මුලින්ම මෙම කමිටුව සංශෝධනය කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කෝවිඩ් නිසා මරණයට පත් වෙන අපේ අයට අපේ පසේ භූමිදානය කිරීමට තිබෙන අයිතිය මාලදිවයිනට බාරදෙන රජයක් ලෙස මෙම රජය පත්ව ඇති බවත් භූමිදානයට ඉඩ දිය යුතු බවත් එලෙස තිබෙන මෙම රැල්ල රජයේ සොහොන් පිටියක් හැටියට පරිවර්ථනය වෙන කාලය වැඩි ඈතක නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad