මුස්ලිම් හා දෙමළ පක්‍ෂවල ප‍්‍රාණඇපකරුවන් වීමට සමගි ජනබලවේගය සුදානම් නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 15, 2020

මුස්ලිම් හා දෙමළ පක්‍ෂවල ප‍්‍රාණඇපකරුවන් වීමට සමගි ජනබලවේගය සුදානම් නෑ !

මින් ඉදිරියට මුස්ලිම් හා දෙමළ පක්‍ෂවල අපේක්‍ෂයන්ට සමගි ජනබලවේගයේ නාමයෝජනා ලබානොදෙන බවත් ඒ වෙනුවට තම පක්‍ෂයට හිතවත් දෙමළ, මුස්ලිම් දේශපාලනඥයන් ශක්තිමත් කර තම පක්‍ෂයේ අපේක්‍ෂකයින් ලෙස ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් කිරිමට තිරණය කල බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මුස්ලිම්, දෙමළ දේශපාලන නායකයන් තම පක්‍ෂයේ ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන නමුදු ඔවුන් හැමවිටම තම පක්‍ෂ හා ප‍්‍රතිපත්ති පවාදිමට කටයුතු කල බවද, මෙරට මුස්ලිම්, දෙමළ, දේශපාලන පක්‍ෂ දීර්ඝ කාලයක් පුරා ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ හා රටේ ජනතාව රවටමින් කටයුතු කල බවද, තවදුරටත් එම පක්‍ෂවල ප‍්‍රාණඇපකරුවන් වීමට සමගි ජනබලවේගය සුදානම් නොමැති බැවින් මෙම තීරණය ගත් බව ද කිරිඇල්ල මහතා පැවසිය.

වත්මන් රජයට පසුගිය මහා මැතිවරණයේදි තුනෙන් දෙකේ බලයක් හිමි නොවු නිසා 20 වැනි සංශෝධනය ගෙන ඒමට නොහැකිව සිටියදි මුස්ලිම් දේශපාලනඥයින් අට දෙනෙකුගේ සහය මත එය සම්මත කරගත් බවද, රටට අහිතකර ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහය දුන් මුස්ලිම් දේශපාලනඥයන් කොවිඞ් මරණ භුමදානය කිරිමට එරෙහිව බොරු විරෝධයක් මවාපාමින් සිටින බවද හෙතෙම පැවසීය.

ඔවුන්ගේ මෙම දෙබිඩි දේශපාලන පිළිවෙතට එරෙහිව මුස්ලිම් සමාජයේ විශාල විරෝධයක් මතුවෙමින් පවතින බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad