නැගෙනහිර ජැටියද බටහිර ජැටියද කියා අදාල නෑ.. වැදගත් වන්නේ අයෝජනවලින් එන වාසියයි.. ලංකාව වටේ වරායවල් දමා ආයෝජකයන් කැඳවිය යුතුයි - රංජිත් බණ්ඩාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 29, 2020

නැගෙනහිර ජැටියද බටහිර ජැටියද කියා අදාල නෑ.. වැදගත් වන්නේ අයෝජනවලින් එන වාසියයි.. ලංකාව වටේ වරායවල් දමා ආයෝජකයන් කැඳවිය යුතුයි - රංජිත් බණ්ඩාර

නැගෙනහිර ජැටියද බටහිර ජැටියද යන්න නොව වැදගත් වන්නේ මෙරටට එන අයෝජනවලින් රටට අත්වන වාසිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

කුඩා දිවයිනක් වන මේ රටේ වරායවල් විස්සක් සඳහා ආයෝජන ගෙන ආ හැකි නම් එය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

විදේශ අයෝජාන දෙස දේශපාලන කෝණයෙන් බැලීම නතර කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.

අද ලෝකයේ රටවල් දියුණු වූයේ එම රටවල් විවෘතව තම රටවල ආර්ථිකය හැසිරීම ගැන තීන්දු ගන්නා නිසා බවද ඒ මහතා පැවසීය.

හැකිනම් ලංකාව වටේම වරායවල් දමා ඒවට ආයෝජකයන් කැඳවිය යුතු බවද ඔහු කියා සිටී.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad