විමල්-ජයන්ත ගැන CIDය පරීක්ෂණයක් පටන් ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 30, 2020

විමල්-ජයන්ත ගැන CIDය පරීක්ෂණයක් පටන් ගනී

හර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කළ විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන ඇමැතිවරුන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ඇමැති විමල් වීරවංශ සහ රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, මහර බන්ධනාගාර සිද්ධිය කුමන්ත්‍රණයක් බවට සඳහන් කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත්, එහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි, සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන දෙදෙනා කර තිබෙන ප්‍රකාශයන් ගැන විමර්ශන කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad