GMOA වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සූදානම්.. ජනපතිට ලිඛිතව දන්වයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 21, 2020

GMOA වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සූදානම්.. ජනපතිට ලිඛිතව දන්වයි !

ළාත් සභා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නේ නම් සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතට පත් කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ නොකර පළාත් සභා ක්‍රියාත්මක කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට සිදුවන බව එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.

සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙන්නේ ජනතාවට ගුණාත්මක හා සමානාත්මක වෛද්‍ය පහසුකම් සැලසීමට නම් සෞඛ්‍ය සේවය මධ්‍යම රජයට පමණක් අයත් විෂයයක් විය යුතුව ඇති බවයි.

පළාත් සභා සඳහා වෙන වෙනම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යාමෙන් ජනතාවට ගුණාත්මක හා සමානාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට නොහැකි බවද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad