IDH රෝහලේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කර සුව කරන්න සූදානම්.. සත පහක් එපා..- රාවණ පරපුරේ රිටිගල වෙද මහතා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

IDH රෝහලේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කර සුව කරන්න සූදානම්.. සත පහක් එපා..- රාවණ පරපුරේ රිටිගල වෙද මහතා

 
කොළඹ IDH රෝහලේ රඳවා සිටින අසාධ්‍ය තත්ත්වයේ කොරෝනා අසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට තමන් සූදානම් බවත් රාවන පරපුරෙන් පැවත එන රිටිගල වෙද මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම සිංහල ඖෂධය රාවණා රජ පරපුරේ සිට පැවත එන්නක් බවත් රන් සන්නසක් අනුව සකස් කරන ලද්දක් බවත්ය.

දැනටමත් මෙම ප‍්‍රතිකාරය ලද ආසාදිතයන් නිට්ටාවටම සුව වී ඇතැයිද පවසන ඔහු තමන් මෙම ප්‍රතිකාරය සඳහා කිසිදු මුදලක් අය නොකරන බවද කියා සිටී.

කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ ඖෂධයද හෙළයෙකු විසින් සොයා ගන්නා ලද නිවැරදි ඖෂධයක් බවත් පවසන ඔහු වෙදකමේදී හෙළයෙකු තවත් කිසිවෙකු සමග තරඟයක් ඇකි නරගන්නේ නැතැයි ද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

තම වෙද පරම්පරාව පැවත එන්නේ රාවන රජුගේ කාලයේ සිට බවත් ඒ බව ඔප්පු කල හැකි සාක්‍ෂි තමන් සතු බවද අදටද තමන්ගෙන් ප‍්‍රතිකාර ලපා ගන්නා විශාල පිරිසක් සිටිනා බවත් ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad