පාස්කු බොම්බය ගැන හොයන්නේ මං කල ප‍්‍රකාශය නිසයි.. එම ප‍්‍රහාරයට ISIS සම්බන්ධයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

පාස්කු බොම්බය ගැන හොයන්නේ මං කල ප‍්‍රකාශය නිසයි.. එම ප‍්‍රහාරයට ISIS සම්බන්ධයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ සම්බන්ධයක් ඇතැයි තොරතුරු ඇතැයි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන ජනාධිපති කොමිසමට ද හෙළිකර ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

අද වන විට මෙම මේ සම්බන්ධයෙන් පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ තමන් විසින් එදා සිදු කරන ලද ප‍්‍රකාශය නිසා බවද ඔහු සඳහන් කළේය.

තම පියා පමණක් නොව ආරක්ෂක නිලධාරීන් පවා මෙම ප්‍රහාරය ගැන පෙර වේලාසන දැනුවත් වී තිබූ බවද ඔහු පැවසීය.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad