ලබන සතියේ කොළඹ බෝඩරේ වහයිද? ගමනා ගමනය ඇතුලේ පමණයිද? PHI සංගමය කියපු දේ මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 23, 2020

ලබන සතියේ කොළඹ බෝඩරේ වහයිද? ගමනා ගමනය ඇතුලේ පමණයිද? PHI සංගමය කියපු දේ මෙන්න


බස්නාහිර පළාත තුළ කොවිඩ් ආසාදිතයින් බහුතරයක් වාර්තාවීම හේතුවෙන් උදාවන අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් යම් සංචරණ සීමාවක් පැනවිය යුතු බවට ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් ක‍ළා.

“කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමාවේ රෝගීන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වෙනවා. අපිට හඳුනාගත නොහැකි මට්ටමින් සමාජයේ රෝගීන් සැරිසරනවා. ගම්පහ සහ කළුතරත් එවැනිම තත්ත්ව වාර්තා වෙමින් තියෙනවා. එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උදාව නිසා ප්‍රධාන කණ්ඩායම් 3ක් අවදානම්කාරී ලෙස ගමන් කරන ආකාරය අපිට නිරීක්ෂණය වුණා. පළමු කණ්ඩායම බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු වෙනත් පළාත්වල පිරිස්. මේ වනවිට ඔවුන් නිවෙස් කරා ගමන්කරමින් ඉන්නවා. දෙවැනි කණ්ඩායම පිටිසරබද ප්‍රදේශවල ඉඳලා බස්නාහිර පළාතට භාණ්ඩ හා සේවා ලබාගැනීමට එන පිරිස්. ඔවුන් ඉතාම අවදානම් ආකාරයට කටයුතු කරමින් සිටින ආකාරය පේනවා. තුන්වැනි කණ්ඩායම බස්නාහිර පළාතේ නිරෝධානය තත්ත්වයන්ට යටත් වෙලා සිටි පිරිස්. ඔවුන් ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල විනෝද චාරිකා සිදුකරනවා.”


No comments:

Post a Comment

Post Bottom Ad