ගුවන් අනතුරෙන් මිය ගියේ කෑගලු විද්‍යාලයේ අදි සිසුවෙක් - අනතුරට හේතුව තවම නොදනියි | PT-6 aircraft crash - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 15, 2020

ගුවන් අනතුරෙන් මිය ගියේ කෑගලු විද්‍යාලයේ අදි සිසුවෙක් - අනතුරට හේතුව තවම නොදනියි | PT-6 aircraft crash

ගුවන් අනතුරෙන් මිය ගියේ කෑගලු විද්‍යාලයේ අදි සිසුවෙක්
පියා හිටපු නාගරික මන්ත්‍රී වරයෙක්


ඊයේ දහවල් කන්තලේ, සූරියපුරහිදී කඩා වැටුණු ගුවන් යානයේ සිටි නියමුවා මිය ගිය බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන්ත විජේසිංහ මහතා සඳහන් කරයි.

මිය ගිය ගුවන් නියමුවා පුහුණු ගුවන් නියමු කැඩෙට් නිලධාරීවරයෙකු වන අතර ඔහු ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර තිබේ.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු මිය යන විට ඔහු 23 වන වියේ පසු විය.

ඔහු කෑගලු මහා විද්‍යාලයේ අදිශිෂ්‍යයකු වන අතර දිවංගත කෑගල්ල හිටපු එජාප නාගරික මන්ත්‍රී සමන් අමරකෝන් මහතාගේ පුත්‍රරත්නය වන බවද වාර්තාවේ. .2019 වසරේ ජනවාරි මස ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක්වී තිබේ.

ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව පැය තුනක පමණ කාලයක පරිශ්‍රමයකින් අනතුරුව එම ගුවන් නියමුවා ඉන් පිටතට ගෙන ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමට ගුවන් හමුදාවේ විශේෂ ගලවා ගැනීමේ කණ්ඩායමක් කටයුතු කළේය.

අද (15) දහවල් 1.00ට පමණ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන්තොටුපළෙන් අදාළ ගුවන් යානය පිටත්වී ඇති අතර ඊට විනාඩි 15කට පමණ පසු එම ගුවන් යානය හා ප්‍රධාන මෙහෙයුම් මැදිරිය හා පැවති සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටුණු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

කඩා වැටුණු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේ, පුහුණු පියාසර අංශය අයත් ගුවන් යානයක් වන අතර මෙම නියමුවා අදාළ ගුවන්යානයෙන් ඒකල පුහුණුවක් සඳහා ගුවන්ගතවී ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad