කොවිඩ් මෘත දේහයන් භූමදානය නොකරන්නැයි විරෝධතා.. ‘එක රටක් එක නීතියක්’ ඉල්ලයි.. (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

කොවිඩ් මෘත දේහයන් භූමදානය නොකරන්නැයි විරෝධතා.. ‘එක රටක් එක නීතියක්’ ඉල්ලයි.. (video)

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය නොකරන ලෙස ඉල්ලමින් අද (26) පෙරවරුවේ නිහඬ විරෝධතාවයක් පැවැත්වුණි.
ඒ කළුතර නගර මධ්‍යයේදී පැවැත්වුණු එම විරෝධතාවය සංවිධානකර තිබුණේ ‘රටට හෙටක්’ සංවිධානය විසින් ය.

“විවිධ තැන්වල භූමදානයට ඉඩ ඉල්ලා විරෝධතා පැවැත්වෙනවා. ඒ එක තැනකදි තරුණයෙක් කියනවා භූමදානයට ඉඩ නොදුන්නොත් ශරීරයට ගිනි තියාගෙන මැරෙනවා කියලා. පණපිටින් ශරීරයට ගිනි තියාගෙන මැරෙනවා නම් භූමදානය කරන්න ඕනා කියලා කරන ඉල්ලීම මොකක්ද? ඒ අය දේහය ආදාහනය කිරීමට විරුද්ධවන කිසිම තර්කයක් ඒ අය තුළ නෑ,” යැයි එහිදී මාධ්‍යය අමතමින් පූජ්‍ය තෙඹුවන පියනන්ද හිමි එහිදී සඳහන් කරන ලදි.

No comments:

Post a Comment

Post Bottom Ad