හාමුදුරුවරුන්ගෙ මතය වැඩක් නෑ, ආණ්ඩුවෙ මතය පළාත් සභා ඕන කියන එක - වාසු (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 29, 2020

හාමුදුරුවරුන්ගෙ මතය වැඩක් නෑ, ආණ්ඩුවෙ මතය පළාත් සභා ඕන කියන එක - වාසු (Video)

පළාත් සභා තවදුරටත් ක්‍රියාත්මකව පැවතිය යුතුය යන්න ආණ්ඩුවේ සියලු දෙනාගේ මතය බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ මතය වන්නේද පළාත් සභා තවදුරටත් පැවතිය යුතුය යන්න බවද ඔහු පවසනවා.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ පක්ෂ නායකයන් එක්ව පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් දින වකවානු සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් බවද වාසුදේව නානායක්කාර මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂවල මතය වන්නේ පළාත් සභා තවදුරටත් ආරක්ෂා කරගත යුතු බව යැයිද ඔහු පවසනවා.

භික්ෂූන් වහන්සේලා පළාත් සභා අනවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණද, එ් සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ දේශපාලනඥයන්, පක්ෂ නායකයන් මිස භික්ෂූන් වහන්සේලා නොවන බවද ඇමතිවරයා පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad