අලි සබ්‍රි කිව්වේ පට්ටපල් බොරු, සබ්‍රිගේ කමිටුවම කියනවා මහර වෙඩි තැබීමක් වෙලා කියලා - විජිත (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

අලි සබ්‍රි කිව්වේ පට්ටපල් බොරු, සබ්‍රිගේ කමිටුවම කියනවා මහර වෙඩි තැබීමක් වෙලා කියලා - විජිත (VIDEO)

මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පත් කළ කමිටුවේ අතුරු බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බවට පැහැදිලිව සඳහන් වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. 

ඒ අනුව බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදු වී නැති බවට අධිකරණ අමාත්‍යවරයා කෑගසා කියූ දේවල් පට්ටපල් බොරුවක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.   

''මේ වාර්තාවේ සඳහා වෙනවා පළමු අවස්ථාවේ රැඳවියෙකුගේ උරහිසට වෙඩි වැදී තුවාල වී ඇති අතර, දැන්  ඇමතිවරයා රටට ප්‍රසිද්ධියේ කෑගහල කිව්වේ එක හිරකරුවෙකුට වෙඩි වැදිලා නැහැ කියල පට්ටපල බොරුවක්. ඉතා පැහැදිලිවම එතන වෙඩි තැබීමක් සිද්ධ වුණා. මේ වර්ටහවේ පැහැදිලිව කියනවා  සාධාරණ උද්ඝෝෂණයක් තිබුණේ කියල. මොකක්ද උද්ඝෝෂණය, PCR පරීක්ෂණය කරන්න එකට තමයි ඉල්ලීම කළේ.  PCR පරීක්ෂණය ඉල්ලපු  අයට තමයි වෙඩි උණ්ඩවලින් උත්තර දුන්නේ'' 

''ඒ වගේම මේ වාර්තා වේ සඳහන් වෙනවා ඩල්සි ෆාම් නමින් හදුන්වන පෙත්තක්. වෛද්‍යවරු ඉන්නවා මෙතන ඩල්සි ෆාම් කියල පෙත්තක් තියෙනවද? නෑ  එහෙම පෙත්තක් අහල නැහැ. ඩයසි පෑම්  කියලනම් පෙත්තක් තියෙනවා. වාර්තාවේ මුද්‍රණ දෝෂයක් වෙන්න ඇති. ඩයසි පෑම් ගැහුවහම උත්තේජනයක් එනවද? ඩයසි පෑම්  ගැහුවහම නින්ද යනවා'' 

ඒ අනුව බන්ධනාගාරය තුළ පැහැදිලිවම වෙඩි තැබීමක් සිදුව ඇති හෙයින් එම රැඳවියන්ට සාධාරණය ඉටුකරන ලෙසයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. 

No comments:

Post a Comment

Post Bottom Ad