එක රටක් එක නීතියක් වචන පෙළක් විතරක් නෙවෙයි - මහර ගැන කතා කරන මංගල (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

එක රටක් එක නීතියක් වචන පෙළක් විතරක් නෙවෙයි - මහර ගැන කතා කරන මංගල (VIDEO)

අපරාධකරුවෙක්,ත්‍රස්තවාදියෙක් හෝ අන්තවාදියෙක් හෝ වැරද්දකට හසුව ඇති ඕනෑම කෙනෙකුට නීතියේ රැකවරණය ලැබිය යුතු අතර ශිෂ්ට සම්පන්න සමාජයක මූලධර්මය එය බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එක රටක් එක නීතියක් යන්න වචනවලට පමණක් සීමා නොකර එය සැබෑවක් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සිතාබැලීමට රටට ආදරය කරන දේශප්‍රේමීන්ට කාලය උදා වී ඇති බව සමරවීර මහතා අවධාරණය කරයි. 

ඔහු මේ බව සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමිනි.

මහර සිරගෙදර සිදුවීමෙන් පසු සිය දරුවන්ගේ ජීවිත ඉල්ලා හඩා වැටුණු මව්වරු දුටුවිට තමන්ට සිහි වූයේ මීට වසර 32කට පෙර තමන්ව දේශපාලනයට ගෙන ආ දකුණේ මව්වරුන්ගේ කදුළු බව සමරවීර මහතා සඳහන් කරයි. 

''එතැන් පටන් උතුරේ මව්වරුන්ගේ කදුළු පමණක් නොව රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරු වූවන්ගේ ඥාතීන්ගේ කඳුළුද අපි දැක්කා. මේ මරන්නේ, මැරෙන්නේ අපේම රටේ දරුවන්. එදා දකුණේ මරපු සිංහල තරුණයෝ,පසුව උතුරේ මරපු දෙමළ තරුණයෝත්,මහර හිරගෙදරදී ඝාතනය වූ තරුණයොත්,2012 වැලිකඩ දී ඝතනය වූ තරුණයොත් යන මේ සියලු දෙනා අපේම රටේ අපේම දරුවෝ කියන එක කිසිලෙසකින්වත් අමතක කරන්න බැහැ.''

ඒ අනුව බලන විට නිදහසින් පසු හිමිව ඇත්තේ මව්වරුන්ගේ කඳුළු ගංගාවක් පමණක්ද යන්න සිතෙන බවයි මංගල සමරවීර මහතා කියාසිටින්නේ. 

No comments:

Post a Comment

Post Bottom Ad