රන්ජන්ට මන්ත්‍රී ධූරය හා වසර 11 ක් දක්වා ප්‍රජා අයිතිය අහෝසි වෙයි ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

රන්ජන්ට මන්ත්‍රී ධූරය හා වසර 11 ක් දක්වා ප්‍රජා අයිතිය අහෝසි වෙයි ?

ධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බවත් නිදහස ලද පසු තවත් වසර 07 කට ඡන්දය ඉල්ලීමට ඇති ප්‍රජා අයිතිය අහෝසි වන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පවසයි.

ඔහු මෙසේ කියයි.

“සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, 

අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඒමට, ඒ සම්බන්ධයෙන් කටයුතු කිසිදෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව ඔහු අවුරුදු 4කින් පසුව හෝ ඊට පෙර ජනාධිපතිවරයා යම්කිසි සමාවක් දුන්නහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ.“
 
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවන අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවන බවද ඔහු පැහැදිලි කළේය.
ඒ අනුව අද සිට වසර 11 ක් දක්වා ඔහුට දේශපාලනය කර මහජන නියෝජිතයෙකු බවට පත්වීමේ අවස්ථාව අහිමිවී යන බව පැහැදිලි කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad