දැන් මොකටද කළු කොඩි දාන්නේ – කළු ඉරිදා විරෝධයට ගෝටාබය උරණ වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 8, 2021

දැන් මොකටද කළු කොඩි දාන්නේ – කළු ඉරිදා විරෝධයට ගෝටාබය උරණ වෙයි

පාස්කු ඉරිදා එල්ල කළ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය විකුණා බලය ලබා නොගත් බව ජනාධිපතිවරයා කුරුණෑගල ගිරිබාවේ පැවති ඔහුගේ ‘ගම සමඟ පිළිසඳර’ ප්‍රචාරක ව්‍යාපාරයේදී පැවසීය.

මෙම හමුවේදී ජනාධිපතිවරයා ” සමහරු කියනවා අපි පාස්කු ඉරිදා ප්‍රහාරය විකුණලා බලයට ආවා කියලා. අපි පාස්කු ප්‍රහාරය විකුණලා බලයට ආවේ නෑ. ඊට ඉස්සර සමූපකාර ඡන්ද දිනුවා. ප්‍රාදේශීය සභා කීයක් දිනුවද? ” යනුවෙන් එහිදී ප්‍රශ්න කරනු ලැබීය.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළේ ගෝටාබය රාජපක්ෂ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවට පාස්කු ඉරිදා සිදු කරනු ලැබූ එම ප්‍රහාරයේ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ විශාල අප්‍රසාදයකට පත්වී කතෝලික ජනතාව, ආගමික නායකයින් ඇතුළු සමස්ථ රටවැසියන්ම “කළු ඉරිදා” විරෝධතාවයකට එක්ව සිටියදීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය විකුණා බලයට නොපැමිණි බව ප්‍රකාශ කළද 07 වෙනි ඉරිදා රට පුරාම සියලුම ආගමික නායකයින්ගේ හා ජනතාවගේ සහභාගීත්වයෙන් කළු ඉරිදා විරෝධතාවය සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඊට විශාල ප්‍රචාරයක්ද හිමි විය. එසේ තිබියදී රාජ්‍ය මාධ්‍ය විසින් ජනාධිපතිවරයා සිදු කරනු ලැබූ මෙම ප්‍රකාශය විශේෂයෙන් ප්‍රචාරය කරනු ලැබීය.

මෙහිදී විශේෂයෙන්ම ” පාස්කු ඉරිදා සිද්ධිය වුණාම කළු කොඩි දැම්මේ නෑ. දැන් මොනාටද කළු කොඩි දාන්නේ. මේවා ජනතාව දැනගන්න ඕනා” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න කරනු ලැබීය.

-lankatruth


No comments:

Post a Comment

Post Bottom Ad