ලංකාවේ මළ සිරුරක දින 29ක් කොවිඩ් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 13, 2021

ලංකාවේ මළ සිරුරක දින 29ක් කොවිඩ් !

ධිශීතකරණය දින 29ක් බහා තිබූ කොවිඩ් මළ සිරුරක ජෛව සාම්පල පරීක්ෂාවකදී එම මෘත ශරීරයේ කොවිඩ් වයිරසය සක්‍රියව පවතින බව තවුරු වී තිබෙනවා.

අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් මළ සිරුරකින් මෙම ජෙව සාම්පල ලබාගෙන තිබුණා.

පසුව පසුගිය 9 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට එම සාම්පල් යොමුකර තිබේ.එහිදී තහවුරු වී ඇත්තේ මළ සිරුරේ කොවිඩ් වයිරසය ඇති බවයි.

73 හැවිරිදි අයෙකුගේ මෘත දේහයක් මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත. කොවිඩ් වැලඳීම හේතුවෙන් එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මෙම මෘත දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කළ ඔහුගේ ඥාතීන් මළසිරුර රැගෙන යාමට රෝහලට නොපැමිණ ඇති අතර එලෙස දින 29ක් සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබුණා.

එහිදී තෙවැනි වතාවටත් මළ සිරුරෙන් ගත් ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී මෙම තත්ත්වය තහවුරු ව තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad