ලංකාවේ කොරෝනා මර්දනය සාර්ථකයි.. එන්නත 70%කට දිය යුතුයි - WHO විශේෂ නියෝජිත කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

ලංකාවේ කොරෝනා මර්දනය සාර්ථකයි.. එන්නත 70%කට දිය යුතුයි - WHO විශේෂ නියෝජිත කියයි

ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙමින් ඇති කොරෝනා මර්දනය සාර්ථක බව තම මතය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කරයි. කොරොනා සඳහා වන ඉන්න එන්නත 20%කට ලබාදීම කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි ද ඒ මහතා පෙන්වාදෙයි.

අඩුම තරමේ ජනගහනයෙන් 70%කට ලබාදිය යුතු බවද ඔහුගේ අදහසයි.

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයටද අවසර දිය හැකි බවත් එය ලොව සෑම රටකම සිදු කරන ක්‍රියාවලියක් යැයිද ඔහු කියා සිටියි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදේශකවරුන් පත්කළේ හය දෙනකු පමණක් බවත් අග්නිදිග ආසියාව භාරව ඇත්තේ තමන්ට බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad