පොල් ගිණි ගණන්… බඩු මිල දරන්න බෑ.. මං ඒකට එකග නෑ - පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 2, 2021

පොල් ගිණි ගණන්… බඩු මිල දරන්න බෑ.. මං ඒකට එකග නෑ - පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

නතාවට දරාගත නොහැකි අන්දමට බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු පැහැදීමක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

ඒ නිසා බඩු මිල පහත හෙලීමට වහා මැදිහත් වෙන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ද පසුගියදා ඉල්ලීමක් කළ බව ඔහු පැවසීය.

භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බවත් අලුත් අවුරුද්දේ ජනතාව සතුටින් ජීවත් වෙන්න නම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු විය යුතු බවත් ඔහු කියා සිටියේය.

අද වන විට පොල් මිල දරාගන්න බැරි ලෙස ඉහළ ගොස් ඇති බවත් භාණ්ඩ මිල මෙතරම් ඉහල යාම ගැන තමන්ගේ කිසිඳු එකඟතාවයක් නැති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල කොස්වත්ත කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad