අද එන ඉන්දීය එන්නත බාරගන්න ජනපති කටුනායකට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 27, 2021

අද එන ඉන්දීය එන්නත බාරගන්න ජනපති කටුනායකට

න්දියාවෙන් අද (28 ) පෙරවරු 11ට එයාර් ඉන්ඩියා ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට ප්‍රවාහනය කෙරෙන මාත්‍රා ලක්ෂ පහකින් යුතුව මෙරටට ගෙන්වන ඇස්ට්‍රා සෙ‌​නකා කොවිෂිල්ඩ් එන්නත් තොගය ගුවන් තොටුපොළේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරගැනීමට නියමිතය.

මෙම එන්නත් තොගය ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ විසින් භාරගෙන අනතුරුව එහිදීම නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙරටට ගෙන්වන මෙම එන්නත් තොගය ගුවන්තොටුපොළේ සිට සෘජුවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතාගාරවලට ප්‍රවාහනය​ කෙරෙන බවත්, සෙල්සියස් අංශක 2-8ත් අතර උෂ්ණත්වයක් යටතේ ඒවා ගබඩා කර තැබෙන බවත් වාර්තා‌ වේ.

අනතුරුව හෙට (29 වැනිදා) දිනයේ සිට රජයේ රෝහල් ආශ්‍රිත එන්නත්කරණ මධ්‍යස්ථාන 4000කදී එන්නත ලබාදීමේ පළමු පියවර ආරම්භ කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad