අර්ජුනටත් එජාපය එපා වෙයි - රනිල්ගේ පලු අරිමින් ලියුමක් යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 27, 2021

අර්ජුනටත් එජාපය එපා වෙයි - රනිල්ගේ පලු අරිමින් ලියුමක් යවයි

මන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දැනුම් දී ඇත.

රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවළක් සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂය තවමත් අපොහොසත් වී ඇති බව අදාළ ලිපියේ දැක්වේ.

2020 මහ මැතිවරණයේදී අන්ත පරාජයක් ලැබීමෙන් පසුවද තමන් එක්සත් ජාතික පක්ෂය සමග රැදුනේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවළක් සංවිධානය කෙරුණු ඇතැයි යන අපේක්ෂාවෙන් බවත්, එහෙත් අද වන තෙක් එවැනි සාධනීය වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් ඇති බවක් දක්නට නොලැබෙන බවත් අර්ජුන රණතුංග මහතා සිය ලිපියෙන් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇති බව වාර්තා වේ.

මීට පෙර නවීන් දිසානායක මහතාද රනිල් වික්‍රමිසංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් තමන්ට දී තිබූ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වන බව දැනුම් දී තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad