ඊ.ටී.අයි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය නැවතත් අත්අඩංගුවට - සල්ලි දුන්නේ නැත්නම් මැරෙනවා - ගනුදෙනු කරුවන් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

ඊ.ටී.අයි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය නැවතත් අත්අඩංගුවට - සල්ලි දුන්නේ නැත්නම් මැරෙනවා - ගනුදෙනු කරුවන් කියයි

ඊ.ටී.අයි ආයතනයේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා නැවතත් අත්අඩංගුවට ගෙන තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ. මේ ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අයයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන්නේ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවකි.

මින් පෙර එම සැකකරුවන් හතරදෙනා රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබුන අතර අනතුරුව ඇප මත මුදාහැරුණා.

කෙසේ වෙතත් ඊයේ (08) නැවත ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.ටී.අයි ආයතනයේ සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන්.

පෙර මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා හට ඇප ලබදීම සම්බන්දව ගනුදෙනුකරුවන්ගේ හා සිවිල් සංවිදාන වල බලවත් විරෝදය ප්‍රකාශ වුනා


No comments:

Post a Comment

Post Bottom Ad